Mage Ran Rajini Song Lyrics - මගෙ රන් රාජිණි ගීතයේ පද පෙළ

Mage Ran Rajini Song Lyrics - මගෙ රන් රාජිණි ගීතයේ පද පෙළ
Song Title : Mage Ran Rajini (මගෙ රන් රාජිණි)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද හා තනුව : ස්ටැන්ලි ඔමාර්
මෙය එච්.ආර්. ජෝතිපාල තනිව ගැයූ ප්‍රථම ගීයයි.
(තමාගේම වියදමින් මේ ගීය තැටි ගත කර, ජෝතිපාල මෙහි සියළු බරපැන දරණ ලදී.)


මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා
මාගෙ නෙතින් එයි ගලා පෙම් කඳුළැලි දහරා

ප්‍රියාවි මාගෙ පෙම් මිහිරේ සිහිවේ ඔබගෙ ස්වරූපේ
දිවා රෑ සිහිනෙ මැවීලා ගෙනදේ සෙනෙහෙ වේදනා
ඇවිලේ හදෙහි වේදනා

එනු එනු දේවියෙ සෝකෙන්
එනු එනු දේවියෙ සෝකෙන් මා හා ගයනට ගීතා
මා හා ගයනට ගීතා
මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා

ප්‍රියාවි මාගෙ පෙම් මිහිරේ සිහිවේ ඔබගෙ ස්වරූපේ
දිවා රෑ සිහිනෙ මැවීලා ගෙනදේ සෙනෙහෙ වේදනා
ඇවිලේ හදෙහි වේදනා

එනු එනු දේවියෙ සෝකෙන්
එනු එනු දේවියෙ සෝකෙන් මා හා ගයනට ගීතා
මා හා ගයනට ගීතා
මගෙ රන් රාජිණි සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment