Mage Kandulu Wal Song Lyrics - මගේ කඳුළු වැල් ගීතයේ පද පෙළ

Mage Kandulu Wal Song Lyrics - මගේ කඳුළු වැල් ගීතයේ පද පෙළ
Song Title : Mage Kandulu Wal (මගේ කඳුළු වැල්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මගේ කඳුළු වැල්
ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල්
ඔබට පවන් රැල් //

ප්‍රේමය මල් සුවඳක් සේ
හමා ආ දිනේ
කෙළෙස සිතන්නද එය මං
මෙවන් චණ්ඩ මාරුතයක් සේ
හැඟුම් පියාපත් සිඳී කියා

මගේ කඳුළු වැල්
ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල්
ඔබට පවන් රැල්

ප්‍රේමය සඳ එළියක් සේ
ගලා ආ දිනේ
කෙළෙස සිතන්නද එය මං
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වලාවන් දවයි කියා

මගේ කඳුළු වැල්
ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල්
ඔබට පවන් රැල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment