Boralu Anena Paya Ridawana Song Lyrics - බොරළු ඇණෙන පය රිදවන ගීතයේ පද පෙළ

Boralu Anena Paya Ridawana Song Lyrics - බොරළු ඇණෙන පය රිදවන ගීතයේ පද පෙළ
Song Title : Boralu Anena Paya Ridawana (බොරළු ඇණෙන පය රිදවන)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රුචිර පරණවිතාන
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

බොරළු ඇණෙන පය රිදවන
වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න

කැලේ ගිහිං නිදි වැරුවා //
කැකුණ සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනින් හිත තැවරූ සුවඳ පවා සිහිල දැනේ

අඳුරට දුක එකතු වෙලා //
නින්ද බිඳුනු පැලට බදේ
අපට නැතත් බදුලු ඔයට
හෙටත් උදෑසනක් වඩී

රෑන ගිරව් කටුසු කොබෙයි //
උරග නාද සකුණි වනේ
නුඹට වගේමයි අපටත්
දුක් පීඩා විඩා දැනේ

කඳු ඉස්මත්තෙන් පාවී //
වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සණ
කිරිගරුඬින් කවිය වුණේ

බොරළු ඇණෙන පය රිදවන
වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරැණි බදුලු ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment