මදයින් සාලිහ් (Madain Salih) 🌸🕵️✍️🙏🧝

මදයින් සාලිහ් (Madain Salih) 🌸🕵️✍️🙏🧝 - Your Choice Way

මෙම විශ්මිත කාන්තාර පුරා විද්‍යා නගරය Al Hijr හෝ Hegra යන නම් වලින්ද හැඳින්වෙනවා. මෙය සෞදි අරාබියේ හීජාස් හි අල්-උලා ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය නැබටියානු ජාතින්ට අයත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙසයි නම් කර ඇත්තේ. 🌸

මෙම මැඩයින් සාලේ නගරය පෙට්‍රා නගරය තරම් ප්‍රසිද්ධ නැති නමුත් තරමක අද්භූත අධිරාජ්‍යයක් ලෙසයි සලකන්නේ. ඒ වගේම මෙම නගරය නැබටියානුවන්ගේ දෙවන විශාලතම නගරය ලෙසද හඳුන්වනවා.

මෙම කාන්තාර නගරයේ ස්මාරක සොහොන් 111 ක් ඇති අතර ඉන් 94 ක අලංකාර මුහුණත් වලින් නිමවා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 වන සියවස දක්වා දිව අතීතයට මෙම කාන්තර නගරයේ ඉතිහාසය දිව යනවා. 💐

නැබටියානු යුගයට පෙර යුගයට අයත් සෙල්ලිපි 50ක් පමණ සහ ලෙන් චිත්‍ර කිහිපයක්ද මෙම අඩවියේ දක්නට ලැබෙන අතර Al-Hijr නබටේන් ශිෂ්ටාචාරයේ අද්විතීය බව සාක්ෂියක් මේවායෙන් සාක්ෂි දරනවා.

මෙම නිර්මාණයන් සඳහා විවිධ විසිතුරු සහ වාස්තුවිද්‍යාත්මක බලපෑම් වන ඇසිරියානු, ඊජිප්තු, ෆිනීෂියානු, හෙලනිස්ටික් ශිෂ්ටාචාර වල ආභාශන්ද බලපා ඇති අතර පුරාණ භාෂා කිහිපයක් වන ලිහියනයිට්, තමුඩික්, නබටේයන්, ග්‍රීක, ලතින් භාෂා වල අභිලේඛනමය පැවැත්මද පිළිබඳ සාක්ෂි දරනවා. 🕵️

නොදත් තතු - Nodath Thathu

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment