Ma Pera Sasare Pathu Pathum Song Lyrics - මා පෙර සසරේ පැතූ පැතුම් ගීතයේ පද පෙළ

Ma Pera Sasare Pathu Pathum Song Lyrics - මා පෙර සසරේ පැතූ පැතුම් ගීතයේ පද පෙළ
Song Title : Ma Pera Sasare Pathu Pathum (මා පෙර සසරේ පැතූ පැතුම්)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : සුපර් ගෝල්ඩන් චයිම්ස්


මා පෙර සසරේ පැතූ පැතුම්
මා මෙම සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමුවිය යුතුයි කියා

පෙර දවසක මා මලක්‌ පුදා
පෙර දවසක පහනක්‌ දල්වා
දන්නවාද කළ ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

නිහඬ රැයක
මාගෙ පැලේ තනිවී
සිතිවිලි යහනේ නොනිදා සැතපී
සිහිනෙන් ඇවිදින් මා හමුවන්නට
ඔබට කළෙමි ආයාචනා

එවන් රැයේ
මාගෙ පැලේ තනිවී
ඔබ ගැන සිතමින් නොනිදා සිටිමී
හැබැහින් ඇවිදින් මා හමුවන්නට
ඔබට කළෙමි ආරාධනා

මා පෙර සසරේ පැතූ පැතුම්
මා මෙම සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමුවිය යුතුයි කියා

පෙර දවසක මා මලක්‌ පුදා
පෙර දවසක පහනක්‌ දල්වා
දන්නවාද කළ ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

මලක්‌ කඩා
මා දෝතට දුන්නා
එමල පුදාලා මොනවද පැතුවේ
මේ සසරේ මෙන්
මතු සසරේදිත්
ඔබ මට හමුවිය යුතුය කියා

මා පෙර සසරේ පැතූ පැතුම්
මා මෙම සසරේ සිතූ සිතුම්
මා මතු සසරේ උපදිනවා නම්
ඔබ මට හමුවිය යුතුයි කියා

පෙර දවසක මා මලක්‌ පුදා
පෙර දවසක පහනක්‌ දල්වා
දන්නවාද කළ ප්‍රාර්ථනා
ඔබ මට හමුවිය යුතුයි කියා

මේ ගීය ගැන බොහෝ තැන් වල ඇත්තේ වැරදි තොරතුරු. මෙහි සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස් මහතාගේ බවට වන සඳහන සාවද්‍යයි. 1992 දී නිෂ්පාදනය වූ "මල්සර දෝණි" සිනමා කෘතියේ මේ ගීයට සනත් ගුණතිලක හා ගීතා කුමාරසිංහ රංගනයක යෙදෙනවා. එම චිත්‍රපටියට සංගීතය අධ්‍යක්ෂණය කළේ සරත් ද අල්විස්. ඔබ දන්නවා 1992 වසර වන විට එච්.ආර්. ජෝතිපාල මහතා මෙලොවින් සමුගෙන හමාරයි.

මේ ගීය නිර්මාණය වූයේ 1976 දී. ඒ "වැස්ස ළඟයි" EP තැටිය සඳහා.

මෙහි ඉදිරිපත් කළ ගීය එදා 1976 දී ගැයූ මුල් ගීය නොවේ. මුල් ගීය 1976 දී නිකුත්වූ "වැස්ස ළඟයි" EP තැටියේ අන්තර්ගතයි. 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment