Kiri Ithirewa Nawa Wasare Song Lyrics - කිරි ඉතිරේවා නව වසරේ ගීතයේ පද පෙළ

Kiri Ithirewa Nawa Wasare Song Lyrics - කිරි ඉතිරේවා නව වසරේ ගීතයේ පද පෙළ
Song Title : Kiri Ithirewa Nawa Wasare (කිරි ඉතිරේවා නව වසරේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ //

දුක් දොම්නස නැති වුණා
නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න
මතුකරමින් මල්හිනා ....//

සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //

කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ //

බත බුලතින් අඩුනොවී
සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී
ගොඩ මඩ සරු සාර වී //

සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //

කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment