Dandumonare Pitin Song Lyrics - දඬු මොනරෙ පිටින් ගීතයේ පද පෙළ

Dandumonare Pitin Song Lyrics - දඬු මොනරෙ පිටින් ගීතයේ පද පෙළ

Dandumonare Pitin Song Lyrics - දඬු මොනරෙ පිටින් ගීතයේ පද පෙළ
Song Title : Dandumonare Pitin (දඬු මොනරෙ පිටින්)
ගායනය : ගුණදාස කපුගේ සහ සමිතා මුදුන්කොටුව
පද රචනය : අමිල තේනුවර
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


දඬු මොනරෙ පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමී
දරු පැටව් බලා ඉන්නම් ඔබ නමින්ම පේවී

පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියළී යාවී
අපෙ හඬ අරගෙණ ඈත හඬන සක්වාලිහිණී

දොළොස් මහේ පාන පත්තු වෙලා හදවතේ
ඒ එළියෙන් මට පේනවා අපේ ආදරේ
ගිය ගමන් තැපැල් කරමී සඳ කිඳුරු ජාතකේ
නොහඬන්න දේවියේ
නොහඬන්න දේවියේ

දඬු මොනරෙ පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමී
දරු පැටව් බලා ඉන්නම් ඔබ නමින්ම පේවී

පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියළී යාවී
අපෙ හඬ අරගෙණ ඈත හඬන සක්වාලිහිණී

නේරංජාවද මා මේ එතෙරව ආවේ
යකඩින් ළය සදා තිබුණු අහස් යන්තරේ
කන්ථක අසුමෙන් ළය පැළෙන්නෙ නෑ හිමි සඳුනේ
මම නාඩා ඉන්නේ
මම නාඩා ඉන්නේ

දඬු මොනරෙ පිටින් ගිහින් එන්න පෙම්බර ස්වාමී
දරු පැටව් බලා ඉන්නම් ඔබ නමින්ම පේවී

පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියළී යාවී
අපෙ හඬ අරගෙණ ඈත හඬන සක්වාලිහිණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment