Bayawenne Manda Song Lyrics - බයවෙන්නේ මන්ද ගීතයේ පද පෙළ

Bayawenne Manda Song Lyrics - බයවෙන්නේ මන්ද ගීතයේ පද පෙළ

Bayawenne Manda Song Lyrics - බයවෙන්නේ මන්ද ගීතයේ පද පෙළ
Song Title : Bayawenne Manda (බයවෙන්නේ මන්ද)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
1981 දී තිරගතවූ රංගා චිත්‍රපටියේ ගීයකි.


බයවෙන්නේ මන්ද අපී
ඉන්නකල් මේ ලෝකේ
දෙයියෝ දෙයි //

දෙයියෝ දෙයි
අපේ පම්පෝරී නෑ
නෑ ගෝරී

අපේ පම්පෝරී නෑ
හැබැයි ව්ශ්වාසේ ඇත්නම් දෙයියෝ දෙයි
දෙයියෝ දෙයි
බයවෙන්නේ මන්ද අපී
ඉන්නකල් මේ ලෝකේ
දෙයියෝ දෙයි

අම්මාගේ සන්තෝසේ නැසූ එකා
බේරෙන්නේ නැහැ පුතාගෙන්
මේ පුතාගෙන්
නින්දා දී අපරාදේ ගෑණුන්ටා
බේරෙන්නේ නැහැ බඹාගෙන්

අම්මාගේ සන්තෝසේ නැසූ එකා
බේරෙන්නේ නැහැ පුතාගෙන්
නින්දා දී අපරාදේ ගෑණුන්ටා
බේරෙන්නේ නැහැ බඹාගෙන්

අලි ඇත්තු පවා ඉබේ දණින් වැටෙන්නේ
අපි යන්නයි ආවේ
මේකෙ ඉන්නට නාවේ
මේවා පාවා ගන්නෝ පිස්සෝ වෙයි
හේයි

බයවෙන්නේ මන්ද අපී
ඉන්නකල් මේ ලෝකේ
දෙයියෝ දෙයි
දෙයියෝ දෙයි
අපේ පම්පෝරී නෑ
නෑ ගෝරී
අපේ පම්පෝරී නෑ
හැබැයි ව්ශ්වාසේ ඇත්නම් දෙයියෝ දෙයි
දෙයියෝ දෙයි
බයවෙන්නේ මන්ද අපී
ඉන්නකල් මේ ලෝකේ
දෙයියෝ දෙයි

දුප්පත් පෝසත් ඇයි මේ මිනිස්කමේ
කොයි කාගෙත් ලේ එකයි නේ
ලේ එකයි නේ
මේ දුප්පත් කම්කරුවා නිසා තමයි පෝසත්තු රෑන් උපන්නේ

දුප්පත් පෝසත් ඇයි මේ මිනිස්කමේ
කොයි කාගෙත් ලේ එකයි නේ
මේ දුප්පත් කම්කරුවා නිසා තමයි පෝසත්තු රෑන් උපන්නේ

අලි ඇත්තු පවා ඉබේ දණින් වැටෙන්නේ
අපි යන්නයි ආවේ
මේකෙ ඉන්නට නාවේ
මේවා පාවා ගන්නෝ පිස්සෝ වෙයි
හේයි

බයවෙන්නේ මන්ද අපී
ඉන්නකල් මේ ලෝකේ
දෙයියෝ දෙයි
දෙයියෝ දෙයි
අපේ පම්පෝරී නෑ
නෑ ගෝරී
අපේ පම්පෝරී නෑ
හැබැයි ව්ශ්වාසේ ඇත්නම් දෙයියෝ දෙයි
දෙයියෝ දෙයි
බයවෙන්නේ මන්ද අපී
ඉන්නකල් මේ ලෝකේ
දෙයියෝ දෙයි

පවුලේ නෑදෑයෝ මෙන් උපන් බිමේ
වෙන්වෙන්නේ ඇයි බෙදෙන්නේ
ඇයි බෙදෙන්නේ
කොයි කවුරුත් කොයි කාගෙත්
උපා නිසා රැවටෙන්නේ නෑ සදාකල්

පවුලේ නෑදෑයෝ මෙන් උපන් බිමේ
වෙන්වෙන්නේ ඇයි බෙදෙන්නේ
කොයි කවුරුත් කොයි කාගෙත්
උපා නිසා රැවටෙන්නේ නෑ සදාකල්

අලි ඇත්තු පවා ඉබේ දණින් වැටෙන්නේ
අපි යන්නයි ආවේ
මේකෙ ඉන්නට නාවේ
මේවා පාවා ගන්නෝ පිස්සෝ වෙයි
හේයි

බයවෙන්නේ මන්ද අපී
ඉන්නකල් මේ ලෝකේ
දෙයියෝ දෙයි
දෙයියෝ දෙයි
අපේ පම්පෝරී නෑ
නෑ ගෝරී
අපේ පම්පෝරී නෑ
හැබැයි ව්ශ්වාසේ ඇත්නම් දෙයියෝ දෙයි
දෙයියෝ දෙයි
බයවෙන්නේ මන්ද අපී
ඉන්නකල් මේ ලෝකේ
දෙයියෝ දෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment