බටපොත අවතාරය (Batapotha)

බටපොත අවතාරය (Batapotha) - Your Choice Way

මම මේ කියන්නෙ ඇත්තම සිද්ධියක් මේක තාමත් හිටපු ගමන් මිනිස්සු දැකලා බය වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා මට කථා ලියන විදිහට ලියන්න තේරෙන්නැ ඒත් මම මෙකෙ කතා කියෙව්වාම හිතුවා මේකත් කියන්න ඕනේ කියලා මම ග⁣මේ නමත් කියන්නම් හොයලා බලන්න ඇත්තද බොරැද කියලා ඔයාලාම.

මම ඉස්කොලේ ගියේ ගමේ තියෙන පොඩි ඉස්කොලේකට ඒ ඉස්කොලේට යන පාරේ තමා මේක වෙන්නෙ ඒක ප්‍රධාන පාරක්. ඒ ගම බටපොත බත්තරමුල්ල කිට්ටුවම තියෙන්නෙ මේ අත්දැකීමට මූහුණ දීලා ගොඩක් වෙලාවට බය වෙලා තියෙන්නේ සංගීත බලලා එන කොල්ලො තමා.

ඔය වගේ දවසක් සංගීතයක් බලලා යාළුවො දෙන්නෙක් ගෙදර යන්න එනකොට වෙලාව 12.00/13.00 වගෙ ඇති බයික් එකක් තමා අැවිත් තියෙන්නේ ඒ අපේ ඉස්කොලේ ටිකක් පහු කරගෙන යනකොට තුංහං හන්දියක් හම්බෙනවා එතන කන්ඳක් තියෙන්නෙ ඒ කන්ද ටිකක් නැග්ගාම බටපොත පංසල තියෙන්නෙ මේ යාළුවො දෙන්නා දැන් එන්නේ පංසල පැත්තෙ ඉදන් ඉස්කොලේ පැත්තට ඉස්කෝලේත් එක්කම තවත් කන්දක් බත්තරමුල්ල පැත්තට යනකොට තියෙනවා ඉතිං මේ දෙන්නා ඉස්කොලේ ලගින් යනකොට බයිසිකලේ තෙල් ඉවර වෙලා.

ඉතිං මේ දෙන්නා කල්පනා කර කර ඉදලා මොකද කරන්නෙ කියලා. ඒ වෙලාවේ එතනිං මිනිහෙක් ගියාළු බල්ලො දෙන්නෙක් අරගෙන අර බල්ලො දෙන්නා බැඳලා තියෙන ලනු දෙකෙන් අල්ලන් මේ දෙන්නා දිහා බලන්නෙවත් නැතුව කෙලින්ම බලාගෙන අර කන්ද උඩට නගිනවාළු ටිකක් දුර යනකං මේ දෙන්නා බලන් ඉදලා ඒ මනුස්සයාහරි අමුතු නිසා අනික මේ වගෙ වෙලාවක බල්ලොත් එක්ක යන එක පුදුම නිසා බලාගෙන හිටියාළුමේ මනුස්සයා කන්ඳ නගින කොට අර බල්ලො දෙන්නා ටික ටික මේ මනුස්සයාට වඩා උස යනවාළු

මේ දෙන්නා බය වෙලා ලග ගෙදරකට දුවලා ඒ මිනිස්සුන්ට කථාව කිව්වාම එහෙ හිටපු සියා කෙනෙක් කියලා ඒ මහසොනාගෙ අවතාරයක් කියලා මීට කලිනුත් මිනිස්සු බය වෙලා තියෙනවා කියලා ඒ සිද්දිය වෙන තැනම මම තුංමං හංදියක් ගැන කිව්වානේ ඒතන තවත් සමහරැ දැකලා තියෙනවා බෙල්ල නැති ගෑණු කෙනෙක් එතන මාළු කඩේ ලග ලේ පෙරාගෙන ඉදගෙන ඉන්නවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment