කොහිල අල කැඳ හදමු (Kohila)

කොහිල අල කැඳ හදමු (Kohila) - Your Choice Way

කොහිල කියන්නේ ඉතාමත් ඖෂධීය වටිනාකමකින් යුත් ආහාරයක් . අර්ෂස් රෝග, මලබද්දය,ආහාර මාර්ගය ආශ්‍රිත රෝග, අක්මාවේ රෝග, දියවැඩියා තත්වයන් පාලනය සහ ආහාර වල අඩංගු තෙල් අවශෝෂණය කර රුධිරයේ කොලස්ට්‍රෝල් අඩු කිරීම වැනි රෝග ගනාවකට දිව්‍ය ඖෂධයක් වන කොහිල  වලින් සාදා ගන්නා කැඳ එකක් මං අද ඔයාලට ගෙනාවෙ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 කොහිල අල 300g ක් පමණ
  • 🎈 ගාගත් පොල් කෝප්ප 1 ක්
  • 🎈 කැකුලු සහල්  මිටක් (කැමති සහල් වර්ගයක් පාවිච්චි කරන්න)
  • 🎈 සුදුළූනු, රතුළූනු බික් දෙක තුනක් සහ ඉඟුරු ටිකක්
  • 🎈 කැමති නම් කරපිංචා ඉති දෙකක් පමණ
  • 🎈 අවශ්‍ය පමණ ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම සහල් සෝදා ගරා ගන්න .
  2. ♨️ දැන් සහල් ටික ටිකක්  ග්‍රයින්ඩ් කර ගන්න.
  3. ♨️ කැඳ සකසන භාජනයට කොටා ගත් සහල් ටික දමා සිහින්ව කපාගත් රතුළූනු,සුදුළූනු,තලාගත් අමු ඉඟුරු ,ලුනු සහ අවශ්‍ය පමණ ට වඩා ටිකක් වැඩියෙන් වතුර එකතු කර සහල් ටික තම්බා ගන්න .
  4. ♨️ ඊලඟට කොහිල අල ටික සුද්ද කර හොඳින් සෝදා සිහින් කෑලි වලට කපා ගන්න .
  5. ♨️ කපාගත් කොහිල කැබලි ලුනු මිශ්‍ර වතුරෙන් සෝදා ගන්න .
  6. ♨️ සෝදා ගත් කොහිල කැබලි, ගාගත් පොල් කෝප්පය සහ අවශ්‍ය නම් කරපිංචා ටිකක් ද අවශ්‍ය පමණ වතුර ටිකක් ද එකතු කර කොටා  යුශ පෙරා ගන්න.
  7. ♨️ දැන් පිසුනු බත් එකට මේ යුශ එකතු කර හැඳි ගාමින් පිස නටන විට ලිපෙන් ඉවතට ගන්න . අවශ්‍ය පමණ ලුනු එකතු කර ගන්න.
❤️ ඉතාමත් රසවත් පානයක් 😍 ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 💞💞💞💞

හෙළයේ රස මිහිර
කොහිල අල කැඳ හදමු (Kohila) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment