Kamatha Gawa Song Lyrics - කමත ගාව ගීතයේ පද පෙළ

Kamatha Gawa Song Lyrics - කමත ගාව ගීතයේ පද පෙළ

Kamatha Gawa Song Lyrics - කමත ගාව ගීතයේ පද පෙළ
Song Title : Kamatha Gawa (කමත ගාව)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ නිරෝෂා විරාජිනී
පද : හෙක්ටර් විජේසිරි
තනුව : ලාල් තේනබදු


කමත ගාව බොල් වී ගොඩ උදේ ඉඳල ‍පොලන්නේ
කොහේ ඉඳල මෙහෙ ආවද කියාපන්කො බොලන්නේ

මහත්තයෝ මේ පැත්තට ආවෙ ඊයෙ තමයිනේ
අහිකුංඨික ගෑණියෙකී හාල් මිටක් හොයන්නේ

කමත ගාව බොල් වී ගොඩ උදේ ඉඳල ‍පොලන්නේ
කොහේ ඉඳල මෙහෙ ආවද කියාපන්කො බොලන්නේ

මහත්තයෝ මේ පැත්තට ආවෙ ඊයෙ තමයිනේ
අහිකුංඨික ගෑණියෙකී හාල් මිටක් හොයන්නේ

හත් දවසෙන් හත් දවසට තැනින් තැනට දුවන්නේ
සින්නක්කර බිම් අඟලක් මොක ද උඹල නොගන්නේ

ඉඩම් කඩම් කොහොම ද අපි අපෙයි කියල කියන්නේ
මැරෙන දාට කොයි කාට ද ගෙනියන්නට ලැබෙන්නේ

කමත ගාව බොල් වී ගොඩ උදේ ඉඳල ‍පොලන්නේ
කොහේ ඉඳල මෙහෙ ආවද කියාපන්කො බොලන්නේ

මහත්තයෝ මේ පැත්තට ආවෙ ඊයෙ තමයිනේ
අහිකුංඨික ගෑණියෙකී හාල් මිටක් හොයන්නේ

විසකුරු නයි පොළොංගු ඇයි ළංකරගෙන සිටින්නේ
බැරිවෙලවත් වැරදුනොතින් උන් නපුරක් කරයිනේ

මහත්තයෝ දන්නෙ නෑනෙ මිනිස්සු වගෙ නෙමෙයිනේ
සර්පයො නෑ හොඳින් ඉඳල යටින් කටුව ගහන්නේ

කමත ගාව බොල් වී ගොඩ උදේ ඉඳල ‍පොලන්නේ
කොහේ ඉඳල මෙහෙ ආවද කියාපන්කො බොලන්නේ

මහත්තයෝ මේ පැත්තට ආවෙ ඊයෙ තමයිනේ
අහිකුංඨික ගෑණියෙකී හාල් මිටක් හොයන්නේ

කමත ගාව බොල් වී ගොඩ උදේ ඉඳල ‍පොලන්නේ
කොහේ ඉඳල මෙහෙ ආවද කියාපන්කො බොලන්නේ

මහත්තයෝ මේ පැත්තට ආවෙ ඊයෙ තමයිනේ
අහිකුංඨික ගෑණියෙකී හාල් මිටක් හොයන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment