දවසේ වැදගත්කම - අප්‍රේල් 06 සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර දිනය (Significance Of The Day - April 06 International Day of Sport for Development and Peace)

දවසේ වැදගත්කම - අප්‍රේල් 06 සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර දිනය (Significance Of The Day - April 06 International Day of Sport for Development and Peace)

සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය (IDSDP) යනු සමාජයේ කාලීන වෙනසවීම්, ප්‍රජා සංවර්ධනය සහ සාමය හා අවබෝධය වර්ධනය කිරීම සඳහා ක්‍රීඩාවේ ඇති වැදගත්කම අවධාරණය කිරීම පිළිබඳ වාර්ෂික සැමරුමකි.

2013 වසරේ අගෝස්තු 23 වන දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සාමය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය ලෙස නම් කර තිබේ. සාමය හා සංවර්ධනය සඳහා මෙවලමක් ලෙස ක්‍රීඩාව හඳුනාගෙන ඇත. මේ වන විට ලෝකයේ සමහර රටවල් අප්‍රේල් 06 දින ජාත්‍යන්තර ක්‍රීඩා දිනය ලෙස නම් කිරීමට ද කටයුතු කර ඇත.

මේ සම්බන්ධව මොනෝකා නුවර දෙවන ඇල්බට් කුමරුගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ක්‍රීඩාව හා සාමය නමැති සංවිධානය විසින් ජාත්‍යන්තර ක්‍රීඩා දිනය ලෙස අප්‍රේල් 06 වන දින ප්‍රකාශයට පත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශය වෙත ඉල්ලීමක් කරනු ලැබ තිබේ. එම තීරණයට අනුව යමින් සමස්ත ප්‍රජාවම ආවරණය වන පරිදි ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කිරීම සමාජ වගකීමක් ලෙස සලකා ශ්‍රී ලංකාවේ ද ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.

සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය වන පරිදි ක්‍රීඩාව සඳහා යොමුවීමේ ප්‍රවණතාව වැඩිදියුණුවීම මේ වන විටත් දක්නට ලැබෙන අතර ඒ සඳහා රාජය්‍ය අනුග්‍රහය ලබාදීම ද වැදගත් වනු ඇත. ක්‍රීඩාවෙන් අපේක්ෂිත කායික හා මානසික සමබරතාව තුළින් නිරෝගී බව, නිවැරදි ආකල්ප, කණ්ඩායම් හැඟීම් වැඩිදියුණු කිරීම හා විනය ගරුක ප්‍රජාවක් බිහිකිරීමට ක්‍රීඩාව හා සම්බන්ධ නව උපාය මාර්ග කරා යොමුවීම ද වැදගත් වනු ඇත.

නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටීමට ක්‍රීඩාව සහ ශාරීරික ක්‍රියාකාරකම් අත‍යවශ්‍ය වේ. විශේෂයෙන් අවිනිශ්චිතතාවයෙන් හා සමාජය දුරස්ථතාවයක් පවත්වාගෙන සිටින මේ කාලය තුළ ශාරීරික ක්‍රියාකාරකම් තුළින් මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට දායක වේ. නිෂේධාත්මක සිතුවිලි පරාජය කිරීමට උපකාරී වේ. මානසික ආතතිය හා මානසික අවපීඩනය අඩු කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment