Jesu Swamidaruwane Song Lyrics - ජේසු ස්වාමිදරුවනේ ගීතයේ පද පෙළ

Jesu Swamidaruwane Song Lyrics - ජේසු ස්වාමිදරුවනේ ගීතයේ පද පෙළ
Song Title : Jesu Swamidaruwane (ජේසු ස්වාමිදරුවනේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ස්ටැන්ලි පීරිස්


හාලේ ලූයා ..
හාලේ ලූයා ..
හාලේ ... ඒ... ලූ.. යා ..

ජේසු ස්වාමිදරුවනේ
ජේසු ස්වාමිදරුවනේ
දුගී පැලේ දිනා
මෙලෝ තලේ දිණූ
ඔබේ දහම් තියේද දැන්
දිව නෙතින් බලන්
ජේසු ස්වාමිදරුවනේ
ජේසු ස්වාමිදරුවනේ

හාලේ ලූයා ..
හාලේ ලූයා ..
හාලේ ... ඒ... ලූ.. යා .. //

පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ
මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ
ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්
ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා

ජේසු ස්වාමිදරුවනේ
ජේසු ස්වාමිදරුවනේ

හාලේ ලූයා ..
හාලේ ලූයා ..
හාලේ ... ඒ... ලූ.. යා .. //

රන් රිදී මැණික් නොවීය ඔබැ සමීපයේ
දළ පිළී විනා දුහුල් නොවී ශරීරයේ
මන්ද මේ විලාසිතා දේව මන්දිරේ
යළි ගලීලයෙන් නැඟී මෙලෝ තලේ බලන්

ජේසු ස්වාමිදරුවනේ
ජේසු ස්වාමිදරුවනේ
දුගී පැලේ දිනා
මෙලෝ තලේ දිණූ
ඔබේ දහම් තියේද දැන්
දිව නෙතින් බලන්
ජේසු ස්වාමිදරුවනේ
ජේසු ස්වාමිදරුවනේ

හාලේ ලූයා ..
හාලේ ලූයා ..
හාලේ ... ඒ... ලූ.. යා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment