Walikukullu Awidin Song Lyrics - වළිකුකුල්ලු ඇවිදින් ගීතයේ පද පෙළ

Walikukullu Awidin Song Lyrics - වළිකුකුල්ලු ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Walikukullu Awidin (වළිකුකුල්ලු ඇවිදින්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1989 දී “නිම් තෙරක්” කැසට් පටයටත් 2001 දී “නෑසනෙ ගී රස 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.



වළිකුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ළඟ අල්ලන සවුදං //

වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම්
කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අවුරනු මැණිකේ අත අහවර නම්

වළිකුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ළඟ අල්ලන සවුදං //

වළිකුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිසක් කන්නට දෙන්නම්
අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්

වළිකුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ළඟ අල්ලන සවුදං //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment