Patu Adahas Nam Song Lyrics - ප‍ටු අදහස් නම් ගීතයේ පද පෙළ

Patu Adahas Nam Song Lyrics - ප‍ටු අදහස් නම් ගීතයේ පද පෙළ

Patu Adahas Nam Song Lyrics - ප‍ටු අදහස් නම් ගීතයේ පද පෙළ
Song Title : Patu Adahas Nam (ප‍ටු අදහස් නම්)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ
පද රචනය : මහගම සේකර (රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ "ගීතාංජලී" පද්‍ය සංග්‍රහය එතුමා විසින්ම ඉංග්‍රීසි භාෂාවට පෙරළන ලදී. එය සිංහලට නැඟෙන්නේ මහගම සේකරයන් අතිනි.  මේ ගීය ගේය පද රචනාවක් ලෙස බිහිවීමට පාදක වන්නේ, ගීතාංජලී කෘතියෙහි එන කව් පංතියකි.
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසුදු
වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment