Soka Sanasum Wedanawan Song Lyrics - සෝක සැනසුම් වේදනාවන් ගීතයේ පද පෙළ

Soka Sanasum Wedanawan Song Lyrics - සෝක සැනසුම් වේදනාවන් ගීතයේ පද පෙළ
Song Title : Soka Sanasum Wedanawan (සෝක සැනසුම් වේදනාවන්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මීගොඩ විල්සන්
තනුව : මර්වින් පෙරේරා


සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා //

වීණාවේ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා
රන්කේලි බඳිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා //

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ //
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කඳූලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment