Perum Piruwe Mama Song Lyrics - පෙරුම් පිරුවෙ මම ගීතයේ පද පෙළ

Perum Piruwe Mama Song Lyrics - පෙරුම් පිරුවෙ මම ගීතයේ පද පෙළ
Song Title : Perum Piruwe Mama (පෙරුම් පිරුවෙ මම)
ගායනය : අජිත් කුමාරසිරි, මදිවාදිනී
සංගීතය : අජිත් කුමාරසිරි
ගී පද : අජිත් කුමාරසිරි
චන්ද්‍රන් රත්නම්ගේ 'අලිමංකඩ' චිත්‍රපටියෙන්


පෙරුම් පිරුවෙ මම සමනළයෙක් වෙන්න
සිද්ධ වුණේ මට යුද සෙබළෙක් වෙන්න
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා

මම නිදාගත්තෙ නෑ හීන දැක්කා විතරයි
කඳුළු ආවේ නෑ ලේ ගැලුවා මතකයි
සින්දු කිව්වෙ නෑ වෙඩි තිබ්බා විතරයි
හොඳම සොල්දාදුවා මමයි

පෙරුම් පිරුවෙ මම සමනළයෙක් වෙන්න
සිද්ධ වුණේ මට යුද සෙබළෙක් වෙන්න
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා

ඈත ඉඳන් බලන් ඉන්න අය ත්‍රිල් ගන්න
සටන් බිම හරිම භයානකයි මං වින්ද
වෙඩි සද්දෙට
කුරුල්ලෝ බය වෙන හැටි හොඳටම දන්න
හොඳම සොල්දාදුවා මමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment