Mihidum Salu Thira Paladi Namunukula Song Lyrics - මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල ගීතයේ පද පෙළ

Mihidum Salu Thira Paladi Namunukula Song Lyrics - මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල ගීතයේ පද පෙළ

Mihidum Salu Thira Paladi Namunukula Song Lyrics - මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල ගීතයේ පද පෙළ
Song Title : Mihidum Salu Thira Paladi Namunukula (මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග සුනිල් එදිරිසිංහ
පද : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : නිමල් පෙරේරා
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් (1977) දොරට වැඩි ගීයකි. එය 1989 දී “නිම් තෙරක්” කැසට් පටයටත් 2001 දී “නෑසෙන ගී රස 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා


මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට //

වන ගැබ වන ඵල නෙළා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්

පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවණැල්ලක මල් අතුරන්නම්

මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට

ඕනෑ නැත අන් කිසිවක් මිහි මත
පරාදීසය මෙහි ඉදි වී ඇත

මානවිකාවනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරලනු මැන

මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට

මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු (හාහ හාහා.. හාහහ හා...)
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට (හාහ හාහා.. හාහහ හා...)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment