Malin Malata Igilunata Song Lyrics - මලින් මලට ඉගිලුනාට ගීතයේ පද පෙළ

Malin Malata Igilunata Song Lyrics - මලින් මලට ඉගිලුනාට ගීතයේ පද පෙළ
Song Title : Malin Malata Igilunata (මලින් මලට ඉගිලුනාට)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙය 1988 දී “මල් වට්ටියක්” කැසට් පටය තුළින් දොරට වැඩි ගීයකි. 2005 දී “සුනිල් ගී 22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බමරුන් නොවේ //

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ

මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුළයි පැණි කෙරෙන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බමරුන් නොවේ //

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරි සරන්නේ

නැති බැරිකමයි උඩුහුළඟේ ලණු දෙපොටින් වැනෙන්නේ
සව්දිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බමරුන් නොවේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment