Mata Hari Palui Song Lyrics - මට හරි පාළුයි ගීතයේ පද පෙළ

Mata Hari Palui Song Lyrics - මට හරි පාළුයි ගීතයේ පද පෙළ
Song Title : Mata Hari Palui (මට හරි පාළුයි)
ගායනය : අජිත් කුමාරසිරි
සංගීතය : අජිත් කුමාරසිරි
ගී පද : අජිත් කුමාරසිරි


ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
ලෝකෙම කීයද මං දන්නෙ නෑ
මං කවුරුත් අඳුණන්නෙ නෑ
කවුරුත් මා අඳුණන්නෙත් නෑ
මට හරි පාළුයි
මට හරි පාළුයි
මට හරි පාළුයි

මොනවට මේ ලෝකෙට මං ආවද
මොකට ගෙනාවද මං දන්නෙ නෑ
ගෙනාපු අය මා අඳුණන්නෙත් නෑ
විස්වාසයෙ මල් පීදෙන්නෙ නෑ

ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
ලෝකෙම කීයද මං දන්නෙ නෑ
මං කවුරුත් අඳුණන්නෙ නෑ
කවුරුත් මා අඳුණන්නෙත් නෑ

ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
මං ආයෙත් මෙහේ එන්නෙ නෑ
විස්වාසය මං මෙහෙ පිළිගන්නෙ නෑ
මං ආයෙත් මෙහෙ එන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment