Mal Wattiyak Wendesiyak Song Lyrics - මල් වට්ටියක් වෙන්දේසියක් ගීතයේ පද පෙළ

Mal Wattiyak Wendesiyak Song Lyrics - මල් වට්ටියක් වෙන්දේසියක් ගීතයේ පද පෙළ
Song Title : Mal Wattiyak Wendesiyak (මල් වට්ටියක් වෙන්දේසියක්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : සුනිල් ආර්. ගමගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 1986 සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 
1988 "මල් වට්ටියක්" කැසට් පටය ට සහ 2001 දී නිකුත්වූ "නෑසනෙ ගී රස 2" සංගත තැටියට හා කැසට් පටයට ද ඇතුළත් වුණා.


මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ ඔබ පුදන්නට
ගමේ දෙපිළක තරඟයක් //
මල් වට්ටියක්

පිනට දහමට නුහුරු අත හිත
දුකට පිහිටට නොහිටි නෙත හිත
තරඟයක වැද උනුන් සිත් පරදා
මහන්තත්වය රකීවී

මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ ඔබ පුදන්නට
ගමේ දෙපිළක තරඟයක්
මල් වට්ටියක්

තරඟ ඇතිමුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
හතර රියනක තනිව සැතපෙන දා
තරඟයද කෙළවරක් වේ

මල් වට්ටියක්
වෙන්දේසියක්
පන්සලේ ලොකු පින්කමක්
බුදු හිමියනේ ඔබ පුදන්නට
ගමේ දෙපිළක තරඟයක් //

මල් වට්ටියක්
වෙන්දේසියක් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment