Lak Vasiyan Kerehi Nami Song Lyrics - ලක් වැසියන් කෙරෙහි නැමී ගීතයේ පද පෙළ

Lak Vasiyan Kerehi Nami Song Lyrics - ලක් වැසියන් කෙරෙහි නැමී ගීතයේ පද පෙළ
Song Title : Lak Wasiyan Kerehi Nami (ලක් වැසියන් කෙරෙහි නැමී)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ("දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල" පද්‍ය සංග්‍රහෙයන් තෝරා ගත් පැදි කීපයකි.)
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
තනුව : සම්ප්‍රදායික විරිඳු නාද රටා ඇසුරෙන්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1984 දී “පිනිබර යාමේ” කැසට් පටයටත් 2001 දී “නෑසෙන ගී රස 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි ඵලක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයත්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඬගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්

උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment