Mal Mal Heenaya Song Lyrics - මල් මල් හීනය ගීතයේ පද පෙළ

Mal Mal Heenaya Song Lyrics - මල් මල් හීනය ගීතයේ පද පෙළ
Song Title : Mal Mal Heenaya (මල් මල් හීනය)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : විශාරද නන්දා මාලිනී


මල් මල් හීනය හීතල උදයේ
පැල්පත් මීදුම මැද රැඳිලා
නිල්වන් අහසේ පින්බර යුගයක
රන්වන් රන්වන් හිරු නැඟිලා //

සමනල කන්දේ කරුණා ඇල්ලෙන්
තුන් සිංහලයේ වැව් පිරිලා
මුනි තුන් සරණේ ආසිරි වැස්සෙන්
සිතුවිලි කතරේ මල් පිපිලා

මහ සාගරයේ මේ පොඩි දිවයින
මී අඹ ගෙඩියකි අවාරයේ
ඒ අඹ ගෙඩියේ මී මැස්සන් අපි
නිබඳව හිනැහෙන දිවා රැයේ

දෙදහස් පන්සිය වසරක් දුර සිට
සිල් ගුණ වැගිරේ නිරන්තරේ
මංගල සමයක තොරතුරු ලියැවේ
සිංහල වංශයෙ කතන්දරේ

මල් මල් හීනය හීතල උදයේ
පැල්පත් මීදුම මැද රැඳිලා
නිල්වන් අහසේ පින්බර යුගයක
රන්වන් රන්වන් හිරු නැඟිලා //
රන්වන් රන්වන් හිරු නැඟිලා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment