Lowama Epawee Song Lyrics - ලොවම එපාවී ගීතයේ පද පෙළ

Lowama Epawee Song Lyrics - ලොවම එපාවී ගීතයේ පද පෙළ
Song Title : Lowama Epawee (ලොවම එපාවී)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා


ලොවම එපාවී
ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැළපෙන මොහොතේ

පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිතවු හද සිහිලිල් වේ

ලොවම එපාවී
ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

ලබා නොමිනිසුන් නඟනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ

සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුලුගැන්වුණු සිත උණුසුම් වේ

ලොවම එපාවී
ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment