Lowama Epa Wee Song Lyrics - ලොවම එපා වී ගීතයේ පද පෙළ

Lowama Epa Wee Song Lyrics - ලොවම එපා වී ගීතයේ පද පෙළ
Song Title : Lowama Epa Wee (ලොවම එපා වී)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : මර්වින් පෙරේරා


ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ //

ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු සිත උණුසුම් වේ

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment