කිරි කොස් හදමු (Kirikos)

කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳින් පැසුණු කොස් මැඳුළු ටිකක්
  • තුනපහ කුඩු තේ හැඳි 3 ක් 
  • කහ තේ හැඳි 1/2ක්
  • මිටි කිරි කෝප්ප 2 ක්
  • දිය කිරි කෝප්ප 2 1/2 ක්
  • ගම්මිරිස් තේ හැඳි 1/2ක්
  • වියළි මිරිස් තේ හැඳි 1ක්
  • අමු මිරිස් කරල් 3- 4 ක්
  • උම්බලකඩ කුඩු පොඩ්ඩක්
  • රතුළූණු ටිකක්
  • කුරුඳු ටිකක්
  • රම්පෙ ටිකක්
  • කරපිංචා ටිකක්
  • සේර ටිකක්
  • අබ ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ කොස් මදුළු සෝදා ඇට ගලවා දිගටිව කපා ගන්න.කොස් ඇට පොතු හැර සුද්ද කරගෙන සෝදා ගන්න. තුනපහ, කහ, අබ, උම්බලකඩ, සුදුළූණු, රතුළූණු, අමුමිරිස්, කුරුඳු, රම්පෙ, කරපිංචා,සේර,වියළි මිරිස්, ගම්මිරිස් ආදිය දමා අතගා දියකිරි දමා ලිප තබන්න. 
  2. ♦️ එය තැම්බී එන විට මිටිකිරි දාන්න.පදම ආපු විට ලිපෙන් බා ගන්න.(හොද්ද නටන විට)
  3. ♦️ හදාගත් කිරි කොස් එකේ රස දෙගුණ තෙගුණ කර ගන්න ඕනද? 
  4. ♦️ එහෙනම් තාච්චියක් ලිප තබා පොල් තෙල් ස්වල්පයක් දාමා රත් වෙන විට එයට හීනියට කපා ගත් රතු ළූණු ගෙඩියක්, කරපිංචා කොල කිහිපයක්, තලා ගත් සුදු ළූණු ගෙඩියක් දමා හොඳට බැඳ ගෙන ගෙන කිරි කොස් එකට දමා හොඳට තෙම්පරාදු කර ගන්න.හදල බලන්නකො රස කොහොමද කියලා 😋 😋 😋
♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way

කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way

කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way

කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way

කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way

කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way

කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way

කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way

කිරි කොස් හදමු (Kirikos) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment