Ira Handa Tharu Mal Song Lyrics - ඉර හඳ තරු මල් ගීතයේ පද පෙළ

Ira Handa Tharu Mal Song Lyrics - ඉර හඳ තරු මල් ගීතයේ පද පෙළ
Song Title : Ira Handa Tharu Mal (ඉර හඳ තරු මල්)
ගායනය : අජිත් කුමාරසිරි
සංගීතය : අජිත් කුමාරසිරි
ගී පද : අජිත් කුමාරසිරි


ඉර හඳ තරු මල් නොයෙකුත් දේ ගැන
ගී පද වැල්
නිතරම වයනා එෆ් එම් මහතුනි
හපුතල් කන්දට බර ගෙනියනකොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සින්දුම වය වය
මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහාටද

ජාතික ගීය වැයෙනකොට
පපුව කෙලින් කරගෙන සමහර අය
කොච්චර නම් ආඩම්බර වෙනවද
ජාතික ගීය හැදූ මිනිසා
ජාතික ගීය නිසා
සියදිවි නසාගන්නකොට
වටේට හිටියේ අපිමද මගෙ සඳ

මේ අපේ පරිසරයයි
මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි
මට දැණෙන දේ තමයි
සාමයයි කාමයයි
දැවටෙන පුංචි රටයි

වෙස්සන්තර දරුවන් දුන්නා
තවත් අය තව දේ දුන්නා
දෙන්න දෙන්න ණය වැඩි රට මේකද

මේ අපේ පරිසරයයි
මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි
මට දැණෙන දේ තමයි
සාමයයි කාමයයි
දැවටෙන පුංචි රටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment