ගොරොක් ගහේ මහසොහොන් අවතාරේ (Gorok Tree)

ගොරොක් ගහේ මහසොහොන් අවතාරේ (Gorok Tree) - Your Choice Way

එදා මා මගෙ ඥාති සොහොයුරෙකුගෙ නිවසට ගියෙ කලෙකින් ඔහු දකින්නට නොලැබුණු නිසා ඔහුත් ඔහුගෙ පවුලෙ අයත් දැක ගැනිමටයි.... ඔහු මා පුධාන මාර්ගයටද ගෙනැවිත් ඇරලුවා.......ඒ නුවර කොළඹ මාර්ගයෙ පාර දෙපස රඹුටන් වෙළඳුන් දුටු මගෙ සොයුරා මට රඹුටන් ද අරගෙන දුන්නා .........දැන් මා නිවසට යායුතුය......අඳුර වැටෙන්නටද ආසන්නය.......කෙසේ හෝ මා පැමිණ නියමිත තැනින් බසයෙන් බසින විට අඳුර වැටි හමාරය..වෙනදත් මා මෙවැනි වෙිලාවට එන නිසා මට කිසිම බයක් දැණුනේද නැත ......අපේ නිවසට යා යුතුව ඇත්තෙ රබර් වත්තක් මැදිනි.........බසයෙන් බැස ටික දුරක් පැමිණි පසු ඉතිරි ටික යා යුත්තෙ රබර් වතු යාය හරහාය......ගෙවල් ඇත්තෙද දෙකකි...ඔය එන මග විසාල පෙදෙසක් වසාගත් අඳුරෑ මුසල ගොරොක් ගහක් හමුවෙි......බසයෙන් බැස එන ගමන් මම ආවෙි රඹුටන් ද කමින්ය....ගොරොක් ගහ ආසන්නයට එද්දි මං රඹුටන් ගෙඩියෙ ලෙල්ල ඇරල⁣ා කටට ගනිද්දිම බිම වැටෙනවා.......ගෙඩි තුනක්ම එහෙම වුනා......රඹුටන් හොඳට පැහුණු ඉඳුණු රතුම රතු පාටයි.......මට මොකද්ද වෙනසක් නොදැනුනාමත් නෙමෙයි.....එත් මං රඹුටන් කෑම නැවත්තුවා .....මගෙ අත් බෑගයෙ තිබුණා පිරිත් පොතක්......ඒක මට අපේ මාමා දුන්නෙ හැමදාම

ඒ පිරිත් පොත මගෙ අත් බෑගයෙ තියෙකවාමයි......මම ක්ෂණිකව පිරිත් පොත අතට අරගෙන කිසි දෙයක් නොවුන ගානට ගෙදර ආවා.....හැබැයි මොන හේතුවක් නිසා හරි මං පිටිපස්ස හැරිලා බැලුවෙි නෑ.........මගෙ හිත ගැස්සුනෙත් නෑ........ගෙදර ඇවිත් මං විස්තරය කීවත් කවුරැත් මොකුත් කීවෙිනෑ........පහුවදා මල්ලි මට හොඳටම බැන්නා.......ඔය ගොරොක් ගහ ළඟ මහසොහොන් අවතාරේ තියෙනවා ඇති අත දික් කරලා උඹෙන් රඹුටන් ඉල්ලුවෙි නැතිව....ඇයි ඉතිං රඹුටනුත් ලේ පාටට තිබුණානේ කියලා.........

අපේ ගෙදරයැයි මා සඳහන් කළේ අපේ මාමලාගෙ ගෙදරයි ඒ පළාත මට හොඳට හුරැ පුරැදු පළාතක් නොවෙයි.........රඹුටන් යනු පුළුටු වර්ගයක් නොවුවද රත් පැහැය නිසත් අවෙිලාවෙි නිසත් ගොරොක් ගහ ළඟ අමනුස්සයෝ ගැවසෙන නිසාත් උන්ගෙ බැල්ම වැටෙන්නට ඇතැයි මගෙ විශ්වාසය ........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment