Gagata Kapana Ini Song Lyrics - ගඟට කපන ඉනි ගීතයේ පද පෙළ

Gagata Kapana Ini Song Lyrics - ගඟට කපන ඉනි ගීතයේ පද පෙළ
Song Title : Gagata Kapana Ini (ගඟට කපන ඉනි)
ගායනය : සුනිල් එදිරිසිංහ 
පද : ඇරැව්වල නන්දිමිත්‍ර  (ජනවහරින් ගෙන පැදියට සැකසුවේ ඇරැව්වල නන්දිමිත්‍ර කවියාය)
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි ගීයකි. "නිම් තෙරක්" කැසට් පටයට ඇතුළත් විය.


ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

මලේ සුවඳ නැතිවෙයි පෙති හැළුණාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
දුන් දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණ‍ෙට යෑම

කන බොන කෑම තනියම වළඳන්න එපා
අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
අනුවණ කමෙන් පව් සිදු කර ගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment