Dinaka Hiru Basa Yana Welawaka Song Lyrics - දිනෙක හිරු බැස යන වෙලාවක ගීතයේ පද පෙළ

Dinaka Hiru Basa Yana Welawaka Song Lyrics - දිනෙක හිරු බැස යන වෙලාවක ගීතයේ පද පෙළ
Song Title : Dinaka Hiru Basa Yana Welawaka (දිනෙක හිරු බැස යන වෙලාවක)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක //

සයුර මා විය අහස ‍ ඔබ විය
දෙදෙන ළංවූ ක්ෂිතිජයක් විය

ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක

සයුර මා විය අහස ‍ඔබ විය
දෙනෙන රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුථ වැටහින‍
අහස සමුදුර එකතු වී යැයි

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment