Ahasa Se Oba Ananthayi Song Lyrics - අහස සේ ඔබ අනන්තයි ගීතයේ පද පෙළ

Ahasa Se Oba Ananthayi Song Lyrics - අහස සේ ඔබ අනන්තයි ගීතයේ පද පෙළ
Song Title : Ahasa Se Oba Ananthayi (අහස සේ ඔබ අනන්තයි)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : රෝහණ වීරසිංහ


අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි //
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි //
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි //

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි //
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment