Age Pahasin Math Wu Song Lyrics - ඈගේ පහසින් මත් වූ ගීතයේ පද පෙළ

Age Pahasin Math Wu Song Lyrics - ඈගේ පහසින් මත් වූ ගීතයේ පද පෙළ
Song Title : Age Pahasin Math Wu (ඈගේ පහසින් මත් වූ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ස්ටැන්ලි පීරිස්


ඈගේ පහසින් මත් වූ
සුව‍ඳේ පැටලී පාවී හද පියඹා
මේ රෑ ඉවසුම් නොදේ කැළඹීලා
ඈගේ පහසින් මත් වූ
සුව‍ඳේ පැටලී පාවී හද පියඹා

මී විත මා මුව යා වෙලා
රෑ අඳුරේ මුළුගැන්විලා
ඈ ඇසුරේ හද නිවුනා
රහසින් රහසේ පාවෙලා
ඈගේ පහසින් මත් වූ
සුව‍ඳේ පැටලී පාවී හද පියඹා

ඒ නෙත ඒ හිත මා සොයා
මා සතපා මන් මත් කලා
ඒ මොහොතේ හිතට හොරා
දෑසින් කඳුළක් වෑහුනා
ඈගේ පහසින් මත් වූ
සුව‍ඳේ පැටලී පාවී හද පියඹා
මේ රෑ ඉවසුම් නොදේ කැළඹීලා
ඈගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment