දවසේ වැදගත්කම - මාර්තු 23 ලෝක කාලගුණ දිනය (Significance Of The Day - March 23 World Meteorological Day)

දවසේ වැදගත්කම - මාර්තු 23 ලෝක කාලගුණ දිනය (Significance Of The Day - March 23 World Meteorological Day) - Your Choice Way

සෑම වසරකම ලෝක කාලගුණ විදයා දිනය මාර්තු 23 වන දින සමරනු ලබනවා. මේ වසරේ එනම්  2021 ලෝක කාලගුණ විදයා දිනය  මේ මාසයේ  අද වනේ දිනයක තමයි යෙදී තිබෙන්නේ. එසේනම් දරුවනේ 2021 තේමාව, ඉතිහාසය සහ වැදගත්කම දෙස බලමු.

ලෝක කාලගුණ විදයා දිනය, අද දින ලොව පුරා සමරනු ලබන අතර එය පෘථිවි වායුගෝලයේ හැසිරීම ඉස්මතු කරන බැවින් මෙම දිනය ඉතා වැදගත් වේ. ලෝක කාලගුණ විදයා සංවිධානය පිහිටුවීම, සැමරීම හේතු කොට ගෙන සෑම වසරකම මාර්තු 23 වන දින ලෝක කාලගුණ දිනය නම්  කර ඇත.

සෑම වසරකම මෙම දිනය වෙනස් තේමාවක් හෝ සටන් පාඨයකින්  සමරනු ලැබේ. මේ වසරේ දවසේ තේමාව වන්නේ  'සාගරය, අපේ දේශගුණය සහ කාලගුණය' යන්නයි. කාලගුණය හා දේශගුණය සම්බන්ධයෙන් ගත් කළ, සාමාන්‍ය තේරුම වන්නේ වායුගෝලයේ සිදුවන දේ පිළිබඳව ය. කේසේ වෙතත්, සාගරය පෘථිවි පෘෂ්ඨීයෙන්   70% ක් පමණ ආවරණය වන අතර දේශගුණික විපර්යාස සඳහා එය වැදගත් කාර්යයක් ඉටු කරයි.

ජාතික කාලගුණ විදයා හා ජල විද්‍යාත්මක සේවා  සහ පර්යේෂකයන් නිරන්තරයෙන්  සාගරය සහ එය වෙනස්  වන ආකාරය නිරීක්ෂණය කරයි. මෙම වසරේ  තේමාව මගින් පෘතුවි පද්ධතිය තුල සාගරය, දේශගුණය  සහ කාලගුණය සම්බන්ධ කිරීම පිළිබඳ WMO හි අවධානය යොමු වී ඇත.

ලෝක කාලගුණ  විදයා ඉතිහාසය
ලෝක කාලගුණ විදයා සංවිධානය වන WMO 1950 මාර්තු 23 වන දින පිහිටුවන ලදී.  එතැන් සිට  එම දිනය ලෝක කාලගුණ විදයා දිනය ලෙස සමරනු ලැබීය. WMO යනු සාමාජික රටවල් 193 ක සාමාජිකත්වය  සහිත අන්තර් රාජය සංවිධානයකි. එහි මුලාරම්භය  පැමිණියේ  1873 වියානා ජාත්‍යන්තර  කාලගුණ විදයා සමුළුවේ දී  මුල් රෝපණය කරන ලද ජාත්‍යන්තර  කාලගුණ විදයා සංවිධානය (IMO) විසිනි. 1950 දී WMOසම්මුතිය  අනුමත කිරීම මඟින් WMO පිහිටුවන ලදී. වසරකට පසුව WMO කාලගුණ විදයාව (කාලගුණය සහ දේශගුණය), මෙහෙයුම් ජල විදයාව සහ ඒ හා සම්බන්ධ  භූ භෞතික විදයා සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනය බවට පත්විය. එහි මුලස්ථානය ජිනීවාහි පිහිටා ඇත.

ලෝක කාලගුණ විදයා දින වැදගත්කම
සමාජයේ ආරක්ෂාව සහ යහපැවැත්ම  සඳහා ජාතික කාලගුණ විදයා හා ජල විද්‍යාත්මක සේවාවන්හි අත්‍යවශ්‍ය දායකත්වය පෙන්නුම් කරන බැවින් ලොව පුරා මෙම දිනය ඉතා වැදගත් වේ.. එහි සුවිශේෂී තේමාව  සමගින්,මෙම දිනයේ දී අරමුණු කරන්නේ පෘතුවිය  මුහුණ දෙන විවිධ ව්‍යවසනයන් පිළිබඳව ලොව  පුරා දැනුවත්  කිරීම ය.  කෙසේ වෙතත් මෙම දිනය ගෝලීය පිළිගැනීමක් මිස ලොව පුරා රජයේ  නිවාඩු දිනයක් නොවේ.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment