Warusa Wahala Song Lyrics - වරුසා වැහැලා ගීතයේ පද පෙළ

Warusa Wahala Song Lyrics - වරුසා වැහැලා ගීතයේ පද පෙළ
Song Title : Warusa Wahala (වරුසා වැහැලා)
Artist : Keshan Shashindra
Melody & Music : Chathuranga De Silva
Lyrics : Yawwana Sameendra Rathnayaka
Teledrama : Hithuwakkara Teledrama Song දෙරණ TV


වරුසා වැහැලා සොදුරු ආදරේ
මල් පිපීලා අප යන මාවතේ
ගෙවුණු වසත්සම යලිත් එන්න යැයි
මතක ඉමට කවි ලියනු බෑ
ලොවට හොරෙන් ඔබ මගෙම වූ බව
කාත් කවුරුවත් දන්නෙ නෑ
නුඹට ලෝකයක් නොවන නමුත් මං
මගේ ලෝකේ
නුඹ තමා
නුඹ තමා

හසරැලි මුව මත සැමදා රන්දා
මගේ ලගින් ඔබ උන්නු හැටී
සිහිවන හැම මොහොතක් ගානෙම
ඇස අද්දර උණු කදුලු කැටී
ඔබට ලෝකයක් නොවන නමුත් මං
මගේ ලෝකේ
නුඹ තමා
නුඹ තමා

ආදරයේ උණුසුම දුක ගැන මට
කියාදෙද්දි ලෝකයක් වටී
ඔබගෙන් මිදෙන්න එක මොහොතක් බෑ
මගෙ හැමදේ ඔබ හටයි හිමී

වරුසා වැහැලා සොදුරු ආදරේ
මල් පිපීලා අප යන මාවතේ
ගෙවුණු වසත්සම යලිත් එන්න යැයි
මතක ඉමට කවි ලියනු බෑ
ලොවට හොරෙන් ඔබ මගෙම වූ බව
කාත් කවුරුවත් දන්නෙ නෑ
නුඹට ලෝකයක් නොවන නමුත් මං
මගේ ලෝකේ
නුඹ තමා
නුඹ තමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment