Chandana Allen Nala Song Lyrics - චන්දන ඇල්ලෙන් නාලා ගීතයේ පද පෙළ

Chandana Allen Nala Song Lyrics - චන්දන ඇල්ලෙන් නාලා ගීතයේ පද පෙළ
Song Title : Chandana Allen Nala (චන්දන ඇල්ලෙන් නාලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ
තනුව : ගලගෙදර ඇම්. ඇම්. ඒ. හක්
සංගීත අධ්‍යක්ෂණය : ටී. එෆ්. ලතීෆ්
"සුජීවා" (1972) චිත්‍රපටියේ ගීයකි


චන්දන ඇල්ලෙන් නාලා
අංජන මල් මී ගාලා
හැංගුන බඹරා ආවා
ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

මලට මුවා වී ඉන්නේ
මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළුව ඉන්නේ
ලෝකය නෑ එය දන්නේ

චන්දන ඇල්ලෙන් නාලා
අංජන මල් මී ගාලා
හැංගුන බඹරා ආවා
ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

දහසක් නෙත් යොමු වන්නේ
එනමුදු නෑ හඳුනන්නේ
ඇසි පිය යට සැඟවෙන්නේ
සිහින ලොවේ හමු වන්නේ

එක කුසුමකි පිබිදෙන්නේ
එක වන බඹරෙකි එන්නේ
දෙබරුන් සේනා නොඑන්නේ
වෙනසක් නෑ සිදු වන්නේ

චන්දන ඇල්ලෙන් නාලා
අංජන මල් මී ගාලා
හැංගුන බඹරා ආවා
ලස්සන රහසක් කීවා
චන්දන ඇල්ලෙන් නාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment