Wakkada Laga Song Lyrics - වක්කඩ ළඟ ගීතයේ පද පෙළ

Wakkada Laga Song Lyrics - වක්කඩ ළඟ ගීතයේ පද පෙළ
Song Title : Wakkada Laga (වක්කඩ ළඟ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩපැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලින් විදුලිය කෙටුවා

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා

ගල මතුපිට මල පිපෙන්න - (ගල මතුපිට මල පිපෙන්න)
මල වට බඹරිදු නටන්න  - (මල වට බඹරිදු නටන්න)
වැහි වැහැලා ගඟ පිරෙන්න - (වැහි වැහැලා ගඟ පිරෙන්න)
ගඟ උතුරා හිත පිරෙන්න  - (ගඟ උතුරා හිත පිරෙන්න)

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිදු නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න

ගලා හැලෙන වැහි වතුර වගේ උඹ
හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්
හිනාවෙයන් කළු හිනාවෙයන්
හිනාවෙයන් කළු හිනාවෙයන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment