Thaththa Wunath Song Lyrics - තාත්තා වුනත් ගීතයේ පද පෙළ

Thaththa Wunath Song Lyrics - තාත්තා වුනත් ගීතයේ පද පෙළ
Song Title : Thaththa Wunath (තාත්තා වුනත්)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරුදැරියන් රකින //

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැගේ ළඟින් හිඳ මග‍ෙ හිස සිඹින සඳ

තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment