Sannaliyane Song Lyrics - සන්නාලියනේ ගීතයේ පද පෙළ

Sannaliyane Song Lyrics - සන්නාලියනේ ගීතයේ පද පෙළ
Song Title : Sannaliyane (සන්නාලියනේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


සන්නාලියනේ, සන්නාලිනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලිනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සණ කරලා
කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ
සීතල හඳ එලියේ
මැලවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සළුව වියන්නේ
සීතල සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment