Muni Siripa Sibuminne Song Lyrics - මුණි සිරිපා සිඹිමින්නේ ගීතයේ පද පෙළ

Muni Siripa Sibuminne Song Lyrics - මුණි සිරිපා සිඹිමින්නේ ගීතයේ පද පෙළ

Muni Siripa Sibuminne Song Lyrics - මුණි සිරිපා සිඹිමින්නේ ගීතයේ පද පෙළ

Song Title : Muni Siripa Sibuminne (මුණි සිරිපා සිඹිමින්නේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නන්දා මාලිනී සමග පිරිස
පද රචනය : එස්. මහින්ද හිමි
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ //

සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළැවෙන බව සිතනු පුතේ

නිදහස් හිරු දෙවි එනවා
දෑ බැති මල් පිබිදෙනවා
සිරිලක් මව හිනැහෙනවා
මගේ පුතා නැළැවෙනවා

මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ

කැප්පෙටිපොළ සෙනෙවිසුරු
කර රුපුසෙන් මං දැදුරු //

අහිරුවිකුම් පෑ අයුරූ
නුඹට පුතේ වෙයි මියුරූ

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මුණි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නැළැවෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment