Sangawanna Oya Nil Nuwan Song Lyrics - සඟවන්න ඔය නිල් නුවන් ගීතයේ පද පෙළ

Sangawanna Oya Nil Nuwan Song Lyrics - සඟවන්න ඔය නිල් නුවන් ගීතයේ පද පෙළ
Song Title : Sangawanna Oya Nil Nuwan (සඟවන්න ඔය නිල් නුවන්)
ගායනය : රූකාන්ත ගුණතිලක
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : මහේෂ් දෙනිපිටිය


සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ

අහසේ තරු නැති රෑ
සඳ එළියක් නැති රෑ
වළාකුළු අතරේ
සඟවන්න ඔය නිල් නුවන්
මගේ දිහා නොබලා

හමුවුනු ලංවුණු අප පෙම් කතන්දරේ
පැටළුනු දැවටුනු සිතුවිලි සිර කෙරුවේ
ආදරයේ බිඳුවක්වත් අඩුව නොවේ
දෛවයේ සරදම් අප වෙන් කෙරුවේ

සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ

කීව කතා තුන් යාමේ මතක් වුනා
කඳුළු ගලා දුටු හීනය බොඳව ගියා
ජීවිතයම අප ළංවී හිඳිමු කියා
පැතූ පැතුම් අප දෙහදේ ඉකි බිඳිනා

සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment