Samanala Ranak Se Song Lyrics - සමනළ රෑනක් සේ ගීතයේ පද පෙළ

Samanala Ranak Se Song Lyrics - සමනළ රෑනක් සේ ගීතයේ පද පෙළ

Samanala Ranak Se Song Lyrics - සමනළ රෑනක් සේ ගීතයේ පද පෙළ
Song Title : Samanala Ranak Se (සමනළ රෑනක් සේ)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා සහ මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : පැට්‍රික් දෙනිපිටිය
සැණකෙළිය චිත්‍රපටියෙන් (1974)


සමනළ රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ //

පොදිවුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවේ
ළා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙළේ

සමනළ රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ

සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳවත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ

කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment