Samadhi Budu Sisile Song Lyrics - සමාධි බුදු සිසිලේ ගීතයේ පද පෙළ

Samadhi Budu Sisile Song Lyrics - සමාධි බුදු සිසිලේ ගීතයේ පද පෙළ
Song Title : Samadhi Budu Sisile (සමාධි බුදු සිසිලේ)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : සුනිල් සරත් පෙරේරා
තනුව : දයාරත්න රණතුංග


සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ

නිවී නිවී මා
නෙත සිත සැනසේ
සවන් සමිඳු සෙවණේ
නිසංසල මහමෙවුනා උයනේ

මුදු බුදු හසරැල්ලේ
නටා යන
පහන් සිලෙක කැල්මේ
නිවේ නිවේ හද
සනරාමර හිමි
දෙනුවන් අග බැල්මේ
දෙනුවන් අග බැල්මේ

සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ

නිවී නිවී මා
නෙත සිත සැනසේ
සවන් සමිඳු සෙවණේ
නිසංසල මහමෙවුනා උයනේ

වැඩ හිඳ විදුරසුනේ
සැඳෑ සුව දෙන සිහිලැල් අරණේ
නිවා නිවා හද
සැඟවුණු අරුතක්
කියන්න මට සමිඳේ
කියන්න මට සමිඳේ

සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment