Don Tharikita Song Lyrics - දොං තරිකිට ගීතයේ පද පෙළ

Don Tharikita Song Lyrics - දොං තරිකිට ගීතයේ පද පෙළ

Don Tharikita Song Lyrics - දොං තරිකිට ගීතයේ පද පෙළ
Song Title : Don Tharikita (දොං තරිකිට)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද : සුනිල් සරත් පෙරේරා
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

කඳුවැටියෙන් බැස එනා
මිටියාවත රඟදෙනා
නෙත් නිදි ගැට දුරලනා
හිරු එළියෙන් පිබිදුණා //

රන් දේදුනු නම නමා
රන් බැණින් සැරසිලා
දුල් නිලඹර සැරි සරා
හිරු එත සිතු සනසලා
හිරු එත සිතු සනසලා //

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

සිත් මත් කරවන ලෙසේ
දෙත් ගී සියොතුන් තොසේ
පිපි වනමල් තුරු හිසේ
මිහිලොල් බිඟු දැල් බැඳේ //

සමනොල හිම ගිරි හිසේ
සේවය කර එන මෙසේ
රැස් දිය හිරු හදවතේ
දුක් බිය සැක දුරලතේ
දුක් බිය සැක දුරලතේ //

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment