Radha Krishna Rama Sitha Song Lyrics - රාධා ක්‍රිෂ්ණා රාමා සීතා ගීතයේ පද පෙළ

Radha Krishna Rama Sitha Song Lyrics - රාධා ක්‍රිෂ්ණා රාමා සීතා ගීතයේ පද පෙළ
Song Title : Radha Krishna Rama Sitha (රාධා ක්‍රිෂ්ණා රාමා සීතා)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : චන්ද්‍රසේන රංගේ
තනුව : සරත් ද අල්විස්


රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
සාලිය මාලා ගාමිණි චිත්‍රා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
අප පෙම හමුවේ
ඔවුන් ළදරුවෝ
ආදරයේ
රන් කිරි කට ගෑ

පියවි ලොවේදී ඇතිවන තුරු අපි සිනාසෙමූ
සීන ලොවේදී රෑ තුන්යම අපි සිනාසෙමූ
ගතින් නොබැඳුනත් දිවිය පුරා අපි සිනාසෙමූ
සිනාසෙමූ

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී

අරුණලු සිඹ සිඹ සූර්යකාන්ත මල සිනාසෙතේ
සඳකැන් සිඹ සිඹ කොඳ මල සඳ හා සිනාසෙතේ
හිරු සඳු කුමටද අප හද මල් ඉති සිනාසෙතේ
සිනාසෙතේ

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
සාලිය මාලා ගාමිණි චිත්‍රා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment