Pipunu Kusuma Parawuwa Song Lyrics - පිපුණු කුසුම පරවූවා ගීතයේ පද පෙළ

Pipunu Kusuma Parawuwa Song Lyrics - පිපුණු කුසුම පරවූවා ගීතයේ පද පෙළ
Song Title : Pipunu Kusuma Parawuwa (පිපුණු කුසුම පරවූවා)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : සිරි ගුණසිංහ
තනුව : සෝමදාස ඇල්විටිගල
1967 දී තිරගතවූ "සත් සමුදුර" සිනමා සිත්තමට නිමවූවකි


පිපුණු කුසුම පරවූවා

පිපුණු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හසරැළි වියළී ගියා
හසරැළි වියළී ගියා

පිපුණු කුසුම පරවූවා

සිතක නැගී පෙම් රළ පෙළ
වෙරළ වැළඳ නිල් දෑසක //
කදුළු වලට පෙරළුනා
කදුළු වලට පෙරළුනා

කඳුළු වලට පෙරළුනා
දෑස අඳුර කැටි වුනා

පිපුණු කුසුම පරවූවා

පිපුණු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හසරැළි වියළී ගියා
හසරැළි වියළී ගියා

පිපුණු කුසුම පරවූවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment