Pinamuko Kalu Gage Song Lyrics - පීනමුකෝ කළු ගඟේ ගීතයේ පද පෙළ

Pinamuko Kalu Gage Song Lyrics - පීනමුකෝ කළු ගඟේ ගීතයේ පද පෙළ
Song Title : Pinamuko Kalu Gage (පීනමුකෝ කළු ගඟේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග  සුභානි අමරදේව
පද රචනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව නමින් සටහන් වූවත් මෙම ගී නිර්මානය ඩී.ටී. ප්‍රනාන්දු අතින් නිමවූවකි. එයට පණ්ඩිත් අමරදේවයන් ද දෙස් දෙනු ඇත.
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

දෙගොඩ තලා යන වතුරේ
තරඟ නැගී පෙණ විසිරේ
කිරි බැබලෙන හඳපානේ

පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

සුනිල් දියේ සඳ කැළුම් වැදීලා
දිය රැළි හා රඟ දෙන්නේ
සුදට සුදේ සුදු කෙකටිය ගාලක්
දිය මතුපිට ලෙලදෙන්නේ
පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

ඕලු නෙළුම් මල් දෝත පුරාගෙන
සුදු ඇඳුමින් සැරසීලා
ඉවුර දිගේ සිරි බෝමළුවට නොවැ
මේ මහ පිරිස ඇදෙන්නේ
පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

බුදු හිමියාණන් මෙලෝ දිනූ ඒ
පෝය දිනේ සිරි වෙසඟේ
සාධු නාද දෙති මහ සේනාවෝ
නිවන් මගට බසිනා
කිරි බැබලෙන හඳපානේ

පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment