Mal Viya Herada Song Lyrics - මල් විය හැරදා ගීතයේ පද පෙළ

Mal Viya Herada Song Lyrics - මල් විය හැරදා ගීතයේ පද පෙළ
Song Title : Mal Viya Herada (මල් විය හැරදා)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : උපාලි ධනවලවිතාන
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

පියමං වී ගිය කාලය පසු පස
බාල වියේ සිට සෙවණැල්ලක් සේ
සසර පුරා ඔබ ආ බව මතකයි
කඳුළු ගඟෙන් ගොඩවී
ඉවුර දිගේ ළතැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

වල්මත් වූ සිත හැඬුම් නොදේවා
සිහිනෙන්වත් ඔය හදට ඇදෙන සේ
මතකය පෑරී භවයෙන් භවයට
විරහ කඳුළු මතුවී
විහඟ තුඩක ලියැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment