Mal Gomu Gumu Gumu Ganwanni Song Lyrics - මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී ගීතයේ පද පෙළ

Mal Gomu Gumu Gumu Ganwanni Song Lyrics - මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී ගීතයේ පද පෙළMal Gomu Gumu Gumu Ganwanni Song Lyrics - මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී ගීතයේ පද පෙළ
Song Title : Mal Gomu Gumu Gumu Ganwanni (මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද රචනය : කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
(ගීයේ මුල් රචනයෙන් කොටසක් පමණි මෙහි ගැයෙන්නේ)
මෙම ගීය රචනා වූයේ "පරෙවිය" ඉඟි නළුව ටයි. සුනිල් සාන්තයන් විසින්ද මෙම ගීය වෙනත් තනුවකට ගයා ඇත.


මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
නෙත ගිය ගිය අත සනසන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment