Maha Re Yame Song Lyrics - මහ රෑ යාමේ ගීතයේ පද පෙළ

Maha Re Yame Song Lyrics - මහ රෑ යාමේ ගීතයේ පද පෙළ

Maha Re Yame Song Lyrics - මහ රෑ යාමේ ගීතයේ පද පෙළ
Song Title : Maha Re Yame (මහ රෑ යාමේ)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග සමග මහාචාර්ය අමරා රණතුංග
පද රචනය : මර්වින් සේනාරත්න
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග
ආචාර්ය දයාරත්න රණතුංග ගේ මුල්ම ගී නිර්මානය මෙයයි. 1955 දී ඔහු මේ ගීය ගැයුවේ ඔහුගේ සොහොයුරිය සෝමලතා රණතුංග සමගයි.


කන්ද උඩින් 
එන කිකිළිය 
ගෝමරියේ
නළල් පටින්
 
මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
තනියෙම සීපද කියනු අසා

වෙහෙස දරාගෙන
පාර අසාගෙන //
ආවෙමි අඳුරෙම ඔබව සොයා //

සීපද රාවේ සවනත වැටිලා
ඉන් මත් වීලද ඔබ ආවේ
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට //
හොඳ නෑ ඇයි එය නොසිතූවේ //

ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරණ සෙනෙහස යයි ඉතිරී //

කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසෙලා //

ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා //

අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා //

දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment