Dharma Deepani Lanka Dharani Song Lyrics - ධර්ම දීපනී ලංකා ධරණී ගීතයේ පද පෙළ

Dharma Deepani Song Lyrics - ධර්ම දීපනී ලංකා ධරණී ගීතයේ පද පෙළ
Song Title : Dharma Deepani Lanka Dharani (ධර්ම දීපනී ලංකා ධරණී)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග
පද රචනය : විමල් අබේසුන්දර
තනුව : පී. ඩන්ස්ටන් ද සිල්වා
1960 නිදහස් උත්සවය නිමිත්තෙන්, ගුවන් විදුලි සිංහල සේවය මගින් ප්‍රචාරය කළ, "ලංකා" නම් ගීතමය වැඩසටහනට ඇතුළත්වූ ගීයකි.


ධර්ම දීපනී ලංකා ධරණී
පූජිත ලංකා මාතාවෝ

ධර්ම දීපනී ලංකා ධරණී
පූජිත ලංකා මාතාවෝ
යුග යුග වත්දිත ශෝභා මණ්ඩිත //
ධීර වීර ගති පෑවෝ ///

ශස්‍ය ශ්‍යාමලී ලංකා ධරණී
හේම නගරි පූජිත සරණී //

මහවැලි කැලණි කළු මිණි ගංගා //
කරන සදා පූජා
සමනළ සිරසින් දස දෙස විසුරන //
සුධා ධවල ශෝභා

ශස්‍ය ශ්‍යාමලී ලංකා ධරණී
හේම නගරි පූජිත සරණී //

ධර්ම දීපනී ලංකා ධරණී
පූජිත ලංකා මාතාවෝ
යුග යුග වන්දිත ශෝභා මණ්ඩිත //
ධීර වීර ගති පෑවෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment